කළුතර උතුර නිවාස සංකිර්ණයක් තාවකාලිකව හුදෙකලා කරයි


කළුතර උතුර ජනරජ නිවාස සංකීර්ණයේ නිවැසියන් තාවකාලිකව සංචරණ සීමාවන්ට යටත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඊයේ එම නිවාස සංකීර්ණයේ සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ මඟින් එක් ආසාදිත කාන්තාවක් වාර්තා වීම හේතුවෙනි.

නිවාස 64 කින් පමණ සමන්විත මෙම නිවාස සංකීර්ණයේ සෙසු පිරිසගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන තුරු මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.



Recommended Articles