කළු ගගේ ජල මට්ටම ඉහළට


රත්නපුර දිස්ත‍්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) උදැසන වන විට කළු ගඟ ජල මට්ටම, රත්නපුර මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව මීටර් පහ ඉක්මවා ගොස් ඇති අතර එය ගං වතුර අතතුරු ඇඟවීමේ මට්ටම පසුකිරිමක් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්‍යලය නිවේදනය කරයි.

මකුළු ගඟ සහ කළු ගගේ අතු ගංගා අවට මෙන්ම පහත් බිම්වල පදිංචිව සිටින පිරිස් දැඩි අවධානයෙන් සිටින ලෙස ද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය උපදෙස් ලබාදි තිබේ.

කළු ගඟ සහ කළු ගෙඟ් අතු ගංගා හයක් වන වේ ගඟ, දෙනවක ගඟ, නිරිඇල්ල ගඟ, කුරු ගඟ, ගලතුර ඔය, කුකුළේ ගඟ යන ගංගාවල ජල මට්ටම් එසැනින් දැන ගැනීමට අන්තර් ජාලයෙන් හැකියාව ලබාදි තිබේ .



Recommended Articles