කළාවැවේ ධාරිතාව අක්කර අඩි 85364ක් දක්වා ඉහළට


ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන අධික වර්ශාවත් සමග කලාවැව මේ වන විට අක්කර අඩි 85364ක  ජල ධාරිතාවයක්  දක්වා පැමිණ තිබෙන අතර මේ වන විට කලාවැව වාන් මට්ටමට පැමිණ ඇති බව කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාල පවසයි.

පවතින අධික වර්ෂාවත් සමඟ කලාවැව හදිසි වාන් දොරටු දෙකක් අද (12) අඩි 04 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ එමඟින් මේ වනවිට තත්පයට ඝණ අඩි 4000 ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවති.

තවදුරටත් කලාවැව ආශ්‍රිත ප්‍රෙද්ශයන්ට වැසි ලැබෙමින් පවතින අතර පවතින වැසි තත්වයත් සමඟ තවදුරටත් කලාවැව ජල මට්ටම ඉහළ ගියහොත් එම හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බවකලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

ජයරත්න වික්‍රමාච්චි



Recommended Articles