කහවත්ත බුංගිරිය ප්‍රදේශයේ නිවසකින් තරුණයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් එක් තරුණයෙක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි දෙදෙනකු නීතිඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් 27දා සවස පොලීසියට බාර විය.
මෙසේ බාරවී ඇත්තේ පන්නිපිටිය බිරාහක්මණගම ලිපිනයේ පදිංචි දෙදෙනෙකි. ඔවුන් 31 සහ 32 වියේ පසුවන්නන් වේ. පසුගිය ජූනි මස 30දා රාත්‍රි සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සැකකරනු ලබයි .
සමන්ත සුදේශ්ප්‍රිය සහ භාතිය කුරුප්පු ආරච්චි යන නීතිඥවරු මාර්ගයෙන් රත්නපුර කොට්ඨාස විමර්ශන අංශය ට බාරවිය.
තරුණයන් දෙදෙනකු පැහැර ගෙන ගිය සහ එක් තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ ජීප් රථයෙන් ගමන් කර ඇත්තේ මොවුන් දෙදෙනා බවටසැකකෙරේ. මෙම සිද්ධිය සම්බන්ධ අධිකරණ කටයුතු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුකෙරේ.