මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්වය පහළ යෑමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතු ආශ්‍රිතව සහ හැටන් කොළඹ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල සහ බගවන්තලාව ප්‍රදේශයේ මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතුයායම අලංකාර වී ඇත.
1815 වසරේ සුදු අධිරාජ්‍යවාදීන් විසින් තේ වගාව මෙරට නගා සිටුවීමේදි තේ ගස්වල සෙවනට සහ පාංශුඛාදය වැළැක්වීමට කහකෝනා ගස් සහ මැයි මාර නැතහොත් ඉන්දියානු ටියුලිප් (ස්පැතෝඩියා කැම්පනිලයුටාඩා) ගස් රෝපණය කල බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.
වසරකට වතාවක් මල් පිපෙන කහ කෝණා ගස් වල මල් විශාල වශයෙන් මේ දිනවල පිපි තිබෙන අතර, කහකෝණා මල්වලින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි වූවත්, එම මල්වල සුවදක්ද පවතින බැවින් එම මල්වල රොන් ලබා ගැනීමට බඹරුන් මී මැස්සන් එම මල්වලට විශාල වශයෙන් පැමිණෙන බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.




