අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අද (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කිලෝග්‍රෑම් තිස්හත් දහස් පන්සියයකට අධික ප්‍රමාණයකින් යුත් මෙම කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිස්පහ ඉක්මවන බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉරාකයට යැවීමට මෙම කසළ තේ තොගය කන්ටේනර් තුළ සකස් කර තිබූ බවත්, ලද බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොහුබත් විදේශ රටවලට යවන බව රේගුවට ප්‍රකාශ කරමින් කසළ තේ තොගය ඉරාකයට යැවීමට සැලසුම් කර තිබූ බවත්, මේ හරහා ශ්‍රී ලංකා නාමයට විශාල හානියක් සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා/ වීඩියෝ - ඉන්දික හේවාවිතාරණ



















