කසල තේ කිලෝ 10000ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට


ගම්පොල සිට කොළඹට කසළ තේ කිලෝ ග්‍රෑම් 10000ක් ප්‍රවාහනය කරමින් සිට ලොරි දෙකක් සමග සැකකරුවන් දෙදෙනක් යක්කල හන්දියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles