කවුරු ආණ්ඩු හැදුවත් අපි ඇමතිවරු


කවුරු කොහොම කීවත් කවුරු බලයට ආවත් ඉදිරි පාර්ලිමේන්තුවලත්  නිමල් සිරිපාල සහ තමා ඇමතිවරු බව  ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති , ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පුහලේදී ඊයේ (23දා)  පැවති පාක්ෂික හමුවකදී පැවසීය .

අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසීය .

හැමදාම අපේ ලේකම් දයාසිරි කරේ මොකක්ද වොයිස්කට් දිදී අහවලා පත්කරනවා .අහවලා පත්කරනවා කියලා අන්තිමට මොකද වුනේ ජනාධිපති තෝරපු වෙලාවේ මොකකද  කරේ එයාල ගිහින් සජිත්ගේපිලේ  හිට ගත්තා අපි රනිල්ගෙ පිලේ හිටගත්තා .

දැන් මෙහෙත් ඉන්නවා මට වැඩිය ජ්‍යෙෂ්ඨ නායකයෙක් නිමල් ඇතිතුමාට පස්සේ හිටපු නායකයෙක් පසුගිය කාලයේ පොහොට්ටුවේ   මාධ්‍ය ප්‍රකාශක වෙලත් හිටියා .ඊට පස්සේ පොහොට්ටුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ලේකම් වෙලත් හිටියා . ඊට පස්සේ මොකක්ද කලේ හැමදාම වොයිස්කට් දෙනවා ඇමති කමක් බලාපොරොත්තුවෙන් .  හබැයි හම්බවුනේ නැහැ. අන්තිමේට කිව්වා රිලා ඇමතිකම දෙන්න කියලා . රිලා ඇමති කමවත් හම්බවුනේ නැහැ .

ඊයේ පෙරේදා අපේ සමිති රැස්වීමකට ඇවිත් කිව්වලු චාමරයි  නිමලුයි රනිල්ගේ . අපි විපක්ෂයේ කියලා .ඒ විපක්ෂය මොකකක්ද රනිල් ඇවිල්ලා ජේ ආර්ගේ මුනුබුරා. සජිත් ඇවිල්ලා ජේ.ආර්.ගේ හොදම ගෝලයාගේ පුතා .

ඉතින් අපි දෙගොල්ලන්ටම අන්තිම වෙන්නේ ඒගොල්ල අර කොහෙන්ද යනවා කිව්වා නේ සිරිපාදේ .ඒගොල්ල ඒපැත්තෙන් සිරිපාදේ නගිනවා අපි මේ පැත්තෙන් සිරිපාදේ  නගිනවා .අන්තිමට සිරිකොතේදි ඔක්කොම එකතුවෙයි .

අන්තිමට මේ දෙගොල්ලන්ටම වෙන්නේ ලිහලා බැලුවම යූඑන්පිය උඩ .

ඔය ඩලස් ලා කරපු  දේකුත් නැහැ .විපක්ෂය කරපු දේකුත් නැහැ අන්තිමට සටනට එන්නේ පෙකිනි වැල කපපු යූ එන්පියේම දෙන්නෙක්  ලියලා තියාගන්න .

එහෙම නේ කියන්නේ දැන් අපි රනිල්ගේ ජනාධිපති වරණ ඉලෙක්ෂන් එකක් ආවොත් ඒ කණ්ඩායම ඒ කණ්ඩායමට දෙයි අපි අපේ කණ්ඩායමට දෙයි  මම ඔය පක්ෂය ගැන කතාකරන්න වත් කැමැති නැහැ ඕකේ ඉන්නේ තුන්දෙනා යැයිද පැවසීය .

ඔය පක්ෂයේ ඉන්නේ දැන් දුවන්න  අශ්වයෝ පුළුවන් තුන්දෙනයි. අපි නැහැ කියන්නේ නැහැ . මෛත්‍රීපාල සිරිසේන මහත්තය  පොලොන්නරුවෙන් හොදට දුවනවා .

දයාසිරි කාටහරි පචයක් ගහල පිස්සුවක් නටලා කුරුණෑගලින් එයි .ඊලගට කවුද දුවන්නේ මම වගේ ඉන්න අර ශාන් විජේලාලුත් එයි කියමු එතකොට අශ්වයෝ තුන්දෙනයි .

නිමල් ඇමති තුමා හොඳම අශ්වයා .චාමරත් හොඳ අශ්වයෙක් දුමින්ද  දිසානායක ,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්කුමාරත් හොඳ අශ්වයෝ  සියඹලාපිටිය ‍ හොඳ අශ්වයත් අපිගාව තමයි . මහින්ද අමරවීර හොදම අශ්වයා ඉතිං ඒගොල්ල දුවපුදෙන් .

කවුරු ආණ්ඩු පිහිටෙවුවත් නිමල් සිරිපාල  සහ චාමර ඇමති . ඒ කේ දෙකක් නැහැ  ඒක තමයි වෙන්නේ .ඔය කට්ටිය දැගලුවට 113 හදන්න බැහැ. ඒක සියයට සීයක් ෂුවර් ඒ නිසා අපි ඕවාට බ යේ ඉන්න අය නොවෙයි

ඒවා ඡන්දය වෙලාවට කරමු .යැයදි පවැසීය  

බදුල්ලේ පාලිත ආරියවංශ

 



Recommended Articles