කලුතරින් කොවිඩ් ආසාදිතයන් 45ක්


කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 45ක් වන අතර මොවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය පැවැසීය.

එම රෝගින්ගේ  ආශ්‍රිතයින් හඳුනාගෙන  පුද්ගලයින් 2302දෙනෙක්ද ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවත් දිස්ත්‍රික්කය පුරා පී.සී.ආර්. පරික්ෂණ 800ක් සිදුකර ඇති බවත් එම කාර්යාලය පැවැසීය.

හොරණ 08, අගලවත්ත 03, මතුගම 26, පානදුර 03, ඉංගිරිය 01, බණ්ඩාරගම 01, වලල්ලාවිට 01, මිල්ලනිය 01, මදුරාවල 01 ලෙස එම ආසාදිතයන් වාර්තා වී තිබේ. මේ වනවිට මතුගම ඕවිටිගල, බදුගම, බදුගම ජනපද යන ප්‍ර දේශ හුදෙකලා කර තිබේ.

ධනුෂ්ක ලංකා නානායක්කාර අගලවත්ත 



Recommended Articles