කලුතර ලැගුම්හලක පදංචිව සිටි රුසියන් කතක් මරුට


කළුතර ලැගුම්හලක තාවකාලිකව පදිංචිව සිටි රුසියන් ජාතික කාන්තාවක කාමරයේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නඩීස්ඩා බොඩ්නර් නමැති 74 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.

මාස 11 කට පමණ පෙර දිවයිනට පැමිණි ඇති කාන්තාව එම නිවාඩු නිකේතනය කුලියට ගෙන පදිංචිව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ලැගුම්හල හිමි කාන්තාව අද (16) කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බවද පොලිසිය සඳහන් කරයි.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව බව පොලිසිය සඳහන් කරයි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

සුමිත් පොතුපිටිය



Recommended Articles