කලුතර බන්ධනාගාරයට දුරකතන හා හොරොයින් විසිකරමින් සිටි 2ක් අත්අඩංගුවට


කලුතර බන්ධනාගාරය තුළට ජංගම දුරකතන, හොරොයින් ඇතුළු ද්‍රව්‍ය විසිකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (14දා) සවස කළුතර උතුර පොලිස් වසමේ ජාවත්ත ප්‍ර දේශයේදී බන්ධනාගාර තාප්පයට ඉහළින් මෙසේ ද්‍රව්‍ය විසිකරමින් සිටි සැකකරුවන් දෙදෙනේ පෙලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්සල් දෙක පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතන දෙකක්, චාජර් දෙකක්, හෙරොයින් ග්‍රෑම් 2.500ක්, දුම්කොළ 19ක් තිබී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් 13ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13.730ක් සොයාගත් බව පොලීසිය පවසයි.



Recommended Articles