කලුතර ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල සැපයුම අත්හිටුවයි


කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (20) රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,මොල්ලිගොඩ,මොරොන්තුඩුව,කලුතර උතුර,කලුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.



Recommended Articles