කලාවැව සමස්ත ධාරිතාව ආසන්නයට, වාන් දැමීමත් ආරම්භ වෙයි


මේ වන විටත් අනුරාධපුරය සහ ඉහල ජලාධාර ප්‍රදේශ වෙත ඇදහැලෙන මහ වැසි සමග කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කර ඇති බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. එමගින් තත්පරයට ඝණ අඩි 3450 ක ජලය කලාඔයට මුදාහැරනෙ බව ඔවුහු පෙන්වාදෙති.

එමෙන්ම දඹුලුඔය ඇතුලු ඉහල ජලාධාර ප්‍රදේශ හරහා ඝණ අඩි 4450 ක ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් ඇති බව වාරි ඉංජිනේරුවෝ පවසති. ඊයේ ( 19 ) සවස හතර වන විට කලාවැවේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 88272 ඉක්මවා පැවතී බව මහවැලි එච් කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර ආර්.එම්.සී.කේ. රාජකරුණා මහතා පැවසුවේය. 

අනුරාධපුරයේ විශාලතම වාරි ජලාශය වන කලාවැව සමසත්යක් ලෙස අක්කර අඩි ලක්ෂයක ධාරිතාවයකින් යුතු වන අතර, අක්කර පහලොස්දහසක බිම් ප්‍රමාණයක විහිද පැතිර පවතී. මේ අතර පවතින වැසි තත්වය තවත් වර්ධනය වුවහොත් වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට එසවීමට සිදුවන බව ජලාශය භාර වාරි ඉංජිනේරුවෝ පවසති.

පවතින තත්වය පිළිබදව අවධානයෙන් පසුවන ලෙස කලාඔය දෙපස පහත් බිම් වල වෙසෙන ජනයාගෙන් මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය ඉල්ලීමක් කර සිටී. 

ප්‍රදීප් රණතුංග



Recommended Articles