කල්පිටියේ පොහොට්ටු මන්ත්‍රී පරණ පුරුදු වැඩ කරන්න ගිහින් පොලිස් කූඩුවේ


කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අතිරේක ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයෙකු 15 රාත්‍රියේ පුත්තලම කොට්ඨාශ  අපරාධ  විමර්ශන කාර්‍යංශය විසින් අත්අඩංගුවට ගෙන, පුත්තලම මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ අබ්දුල් මුත්තලීබු මොහොමඩ් නව්ෆ්පී නැමැති කල්පිටිය මුසල්පිටිය පදිංචි සභිකයා යෙකි.

කල්පිටිය විවිධ සේවා සමූපකාරයට අයත්,නොරොච්චෝල පිහිටි වෙළද සැලක් සම්බන්ධයෙන් උසාවියේ විභාගවන නඩුවක් සම්බන්ධයෙන්,එම සමූපකාරයේ වැඩ බලන සාමාන්‍යාධිකාරිණි ඩබ්ලිව්.ඒ.එම්.අයේෂා මල් කාන්ති මෙනවියට දුරකථනයෙන් බැණ වැදී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ඇය කල්පිටිය පොලිසියේ පැමිණිල්ලක් සිදු කොට ඇත.එම කරුණු පදනම් කර ගනිමින් මෙම අත් අඩංගුවට ගැනීම පුත්තලම කොඨ්ටාශ අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇත.

සැකකාර ප්‍රාදේශීය මන්තීවරයා 16 දින පැවැත්වෙන කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට සහභාගීවීමට නියමිතව සිටි අයෙකි.

කුමාරි කොට්ටහච්චි



Recommended Articles