කල්පිටිය නිර්මල මාතා විද්‍යාලයත් වසා දමයි


කල්පිටිය නිර්මල මාතා මහ විදුහලේ ගුරු භවතෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තාවීම හේතුවෙන් එම විදුහල පෙබරවාරි 8 දින දක්වා තාවකාලිකව වසා දමා ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

ආසාදිත ගුරු භවතාගේ ආශ්‍රිතයින් වශයෙන් හදුනා ගත් සිසුන් දොළොස් දෙනෙකු,ගුරු භවතුන් විසි අටක් සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලු 41 දෙනෙකු අද (2 ) දින පී.සී.ආර්.පරීක්ෂාවන් සදහා යොමු කළ බැව් පොලිසිය පවසයි.

කල්පිටියකුමාරී කොට්ටහච්චි



Recommended Articles