කොළඹ ජාතික රෝහලට කල් ඉකුත් වූ හා කල් ඉකුත් විමට ආසන්න රුපියල් මිලියන විසිපහකට අධික වටිනාකමකින් යුත් රසායනාගාර ප්‍රතික්‍රියක මිලදී ගෙන තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සමිති සඳහන් කරයි.
පසුගිය වසරේදී හා මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලයෙහිදී අදාළ මිලදී ගැනීම් සිදුකර තිබෙන බවත් මේ පිළිබඳ අද(14දා) අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
මෙම ප්‍රතික්‍රියකවලින් රුපියල් මිලියන හතරකට අධික වටිනාකමකින් යුත් ප්‍රමාණයක් කල් ඉකුත් වී තිබියදී මිලදී ගෙන තිබෙන බවත් රුපියල් මිලියන දහතුනකට අධික වටිනාකමකින් යුත් රසායනාගාර ප්‍රතික්‍රියක මිලදී ගෙන ටික කාලයකින් කල් වී තිබෙන බවට විගණන වාර්තාවකින් තහවුරු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
රුපියල් මිලියන අටකට ආසන්න රසායනාගාර ප්‍රතික්‍රියක මිලදී ගන්නා විටද ඉදිරි මාසයක කාලයක් තුළ කල් ඉකුත් වීමට නියමිතව තිබූ බවට ආදාළ විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම කටයුතු සඳහා වෛද්‍යවරියක් මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන බවත් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා අද අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
කල් ඉතුක් වූ රසායනාගාර ප්‍රතික්‍රියක යොදා ගෙන රසායනාගාර පරීක්ෂා පවා සිදුකර තිබෙන බවට හෙළි වී තිබෙන නිසා රෝගී ජනතාවට පවා අසාධාරණයක් සිදුව තිබෙන බවද ඔහු පැවසීය.
සංගමයක් ලෙස මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැමිණිලි කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාටද මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.