කටුනායක 18 කණුව ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට 05/06 දින උදෑසන වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
05/06 දින උදෑසන 10.15 ට පමණ කටුනායක , 18 කණුව , මායිම් පාර ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පුද්ගලයෙකු පැමිණ පහර දෙමින් , කළහකාරී ලෙස හැසිරෙන බවට , එම නිවෙස් හිමියන් සීදූව පොලීසිය වෙත පැමිණිළි කර තිබේ .
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට යන විටත් , ඔහු එම ස්ථානයේ රැදී සිට ඇති අතර , ඔහු පාලනය කර එතැනින් ඉවත් කිරිමට ප්‍රයත්න දරත්දී , ඔහු පොලිස් නිලධාරීන් වෙත ද ප්‍රහාර එල්ල කර තිබේ .ෙ
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාට වෙඩි තබා තිබේ .මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීවරයෙකු ද තුවාල ලබා ඇති අතර , වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සීදුව රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ . සීදුව පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .