කලවානේදී කුඩා සුනඛයෙකුට පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට


කලවානේදී පොලිස් වසමේ පහර කෑමට ලක්වූ සුනඛයෙකු අපහසුවෙන් කෑ ගසන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ පිළිබඳව කලවාන පොලිස් ස්ථානය මගින් නිසි විමර්ශනයක් කර නොමැති බවට චෝදනා එල්ල වූ අතර පසුව වැඩබලන පොලිස්පතිවරයා කලවාන පොලිස් ස්ථානාධිපතිවරයාට නිසියාකාරව විමර්ශන කරන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  



Recommended Articles