කලමැටියේ නවාතැන්ගෙන සිටි බලන්ගොඩ මාළු ව්‍යාපාරිකයෙකුට කෝවිඩ්


මාළු මිලදී ගැනීමට කළමැටිය මාදැල් වරායට පැමිණි සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව අම්බලන්තොට සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරි කාර්යාලය කියයි.

මෙම පුද්ගලයා පසුගියදා පීසීආර් පරීක්ෂණවලට යොමු කර තිබූ අතර ඔහු කොරෝනා ආසාදිත බවට ඊයේ (28) රාත්‍රී හඳුනාගෙන තිබිණි.

මෙම ව්‍යාපාරිකයා බලන්ගොඩ ප්‍රදේශයේ  පදිංචිකරුවකු වන අතර ඔහුගේ ව්‍යාපාරයට  සහාය වන හත් දෙනකු සමඟ කලමැටිය ප්‍රදේශයේ  කුලී නිවෙසක නවාතැන්ගෙන සිට ඇතැයි අනාවරණය වී ඇත.

මාළු ව්‍යාපාරිකයා සමඟ සිටි අනෙක් හත්දෙනා එම නිවෙසේම නිරෝධායනයට ලක් කර ඇතැයි සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරි කාර්යාලය කියයි.

 



Recommended Articles