කරාපිටිිය ලංකාවේ තෙවැනි ජාතික රෝහල බවට පත්කරයි


ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වනවිට  සංවර්ධිත ජාතික රෝහල් දෙක ලෙස කොළඹ සහ මහනුවර රෝහල් පිළිගෙන තිබේ.ඒ අනුව  ගාල්ල කරාපිටිය ශික්ෂණ තෙවන ජාතික රෝහල  ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත..

ගාල්ල කරාපිටිය රෝහල  මේ වන විටත් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෛද්‍යවරු, හෙද හෙදියන් පුහුණුකිරීමේ කටයුතුවලට වැඩි දායකත්වයක් සපයයි.  එසේම   රුහුණු විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය සිසුන් දහසකට පමණ ගාල්ල කරාපිටිය රෝහල මගින් සායනික පුහුණුව ලබාදීම  සිදු කරයි.



Recommended Articles