කර්මාන්තශලාවකින් මතුවු කොවිඩ් පොකුර


කොබෙයිගනේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 100 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ   සඳහන් කරයි.

ඒ අනුව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අංශය  වසා දැමීමට පියවර ගත් බවද,එම පවුල් සහ සමීප ආශ්‍රිතයන් ගේ පවුල් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවද , සෞඛ්‍ය අංශ සඳහන් කරයි .           

කොරෝනා ආසාදිත මෙම සේවක සේවිකා  පිරිස කොබෙයිගනේ , නිකවැරටිය ,කොටවෙහෙර ,රස්නායකපුර , අඹන්පොල සහ ආණමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  වල පදිංචි අයවලුන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම පිරිස අතර.කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි ආසාදිතයින් සංඛ්‍යාව  32 ක්ද ,නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි ආසාධිතයන් 23 ක්ද , කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි අසාධිතයින් සංඛ්‍යාව  22 ක් ලෙසද.,සෙසු පිරිස අනෙක් ප්‍රදේශ තුනෙහි පදිංචි අයවලුන් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .               

නිකවැරටිය ප්‍රියාණි මංගලිකා



Recommended Articles