කරන්දෙණිය ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලයි


කරන්දෙණිය කොටවෙල නිවසක මව සහ පුතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කොටියා කුමාර යන අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු ජීව අත් බෝම්බයක් සමග කොටවෙල කුරුඳු ඉඩමක පාලු නිවසකදී ඊයේ (13)රෑ  අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

ඝාතනයෙන් පසුව එය වසන් කොට ඔහුට පහසුකම් සැපයු තැනැත්තෙක් ද කොටවෙලදි අත්අඩංගුවට ගැනුනු බවද පොලීසිය කියයි.

සැකකරු ඝාතනය සිදු කොට ඇත්තේ සැප්තැම්බර් මස 11 වැනිදා පස්වරුවේදී බවත් ඔහු විසින් ඝාතනය කොට තිබුණේ කරන්දෙණිය කොටවෙල පදිංචි හැත්තෑපස් හැවිරිදි බොළඳ හකුරු ගුණවතී  නමැත්තිය  සහ ඇයගේ  විසින් දරුකමට හදාගත් විසිපස්  හැවැරිදි චතුරංග දිසානායක නමැති අවිවාහක තීරෝද රථ රියදුරෙක්  බවද පොලීසිය කියයි.

ඝාතනය සිදු කළේ රුපියල් ලක්ෂ පහක කොන්තාත්තුවකට බවත් එම කොන්තාත්තුව ලබා දුන්නේ ඝාතනයට ලක් වූ  කාන්තාවගේ කිට්ටුම ඥාතියෙක් බව සැකකාර කොටිය කුමාර පැවසූ බවද පොලීසිය කියයි.

ඝාතන කොන්තාත්තුව ලබා දුන්නේ යයි කියන පුද්ගලයා පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.

 



Recommended Articles