කමාන්ඩෝ පුහුණුව ලබමින් සිටි සෙබළෙක් මරුට


කුඩාඔය පොලිස් වසමේ පිහිටි ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබලෙකු ඊයේ (04) මියගොස් ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත හම්බන්තොට මහ රෝහලේදී මෙම සෙබලාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

කුඩාඔය පොලිස් ස්ථානාධිපති එස්.ඒ.සී ප්‍රසාද් මහතා පරීක්ෂණ පවත්වයි.

මොනරාගල සුමනසිරි ගුණතිලක 



Recommended Articles