කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම එලැඹෙන ජූලි 25 වැනි දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ශණ කැකුණවෙල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් විසින් ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් විසින් හිටපු අධිපතිවරයා සම්බන්ධ මූල්‍ය වංචා කිහිපයක් පාදක කරගෙන මෙම පෙත්සම ගොනුකර තිබේ.



Recommended Articles