කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්


4.28 PM කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

දූෂිත යැයි පවසන එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 


10.42 AM කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

දූෂිත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අද පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් රහස් පොලීසියට භාර වී තිබේ.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කරයි.

මේ වන විට රහස් පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී.


ඡායාරූප ඉසුරු පෙරේරා

 



Recommended Articles