කළුතර හා අවට වෙළඳ වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වලින් විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් නම් ද සදහන් කරමින් කප්පම් ලබාගත් "චාටර් බට්ටා "නමැති දිවයිනේ නම ගිය අපරාධකරුවෙකු ඇතුළු තිදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් පයාගල ප්‍රදේශයේ පදිංචි 29,30 සහ 39 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.
කප්පම් ලබාදුන් පුද්ගලයින්ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේන් පසු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදියද කළුතර බෝධිය අසලදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවත්, එහි බදෙහි අංකය මකා දමා වෙනත් අංක තහඩුවක් සවිකොට ඇති බවත්ය. ඒ අනුව එයට අනුබල දුන් සැකකරුද අත් අඩංගුවට ගෙන ඇති තිදෙනා අතර වන බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් භාවිත කළ හෙල්මට් දෙකක් ජැකට් සහ එම කප්පම් මුදල් ලබා ගැනීමට භාවිතා කළ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.