කඳානේ මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්


කදාණ පොලිස් බල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට 05දා උදෑසන වෙඩි තැබීමක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

අංක 405/f ජය මාවත, පොල්පිතිමුකලාන , කදාණ ලිපිනයේ පදිංචි මාළු ව්‍යාපාරිකයකු වන එච්. සුජිත් රෝහිත පෙරේරා (43) යන අයගේ නිවසට ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා පාලා ගොස් ඇත.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ මාළු ව්‍යාපාරිකයාගේ බිරිද හා දරු දෙදෙනා නිවස තුළ සිට ඇත.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නැති අතර වෙඩි තැබීම ට හේතුව අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කදාණ පොලීසිය මගින් සිදු කරයි.

ප්‍රසංග පෙරේරා



Recommended Articles