ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්රාදේශීය සභාවේ 2027 අයවැය ලේඛනය වැඩි ඡන්ද හතරකින් (04) පරාජයට පත් විය.
කන්දකැටිය ප්රාදේශීය ප්රාදේශීය සභාවේ 2027 අයවැය ලේඛනය සභාපති හර්ෂ රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් හතර දෙනා, පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයා සහ සර්වජන බලයේ මන්ත්රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කළ හ.
කන්දකැටිය ප්රාදේශීය සභාවේ විශේෂ අයවැය රැස්වීම සඳහා එහි බලය හිමි ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් හය දෙනා මෙන්ම විපක්ෂ මන්ත්රීවරුන් දහ දෙනා අයවැය විවාදයට එක්ව සිටියහ.

