කන්දකාඩු පොකුරේ ආසාදිතයන් 601යි


අද උදෑසන 6.00 වන විට කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 601ක් දක්වා වර්ධනය වී තිබේ. මෙයින් වැඩිම පිරිසක් පුනරුත්තාපනය වන රැඳවියන් වෙයි. එම සංඛ්‍යාව 482කි.

මීට අමතරව කාර්ය මණ්ඩලයේ 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලයේ 05ක්, පවුල් හා සමීපතමයින් 47ක්, වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයන් 01ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබේ.



Recommended Articles