කන්දකාඩු ආසාදිතයන් 606යි - සුවය ලැබූවන් 423යි


අද (10) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 606 දෙනෙකු වේ.

පුනරුත්ථාපනය වන රැඳවියන්                                              -           485

කාර්ය මණ්ඩලය                                                                     -             67

ආරාධිත කාර්ය මණ්ඩලය                                                       -             05

පවුල් හා සමීපතමයින්                                                             -             48

වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය                  -             01

ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්

ලෙස රෝගීන් වාර්තා වෙයි.

මේ වන විට කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 423 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 183 දෙනෙකු වේ.



Recommended Articles