විදේශ රටක සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරාය වෙත රැගෙනවිත් නැවත ප්‍රති අපනයනය කිරීම සඳහා වරාය අංගනයේ බහාලුමක් තුල අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත එම බහාලුම පරික්ෂා කිරීම සඳහා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබා ගෙන 2026.08.31 දින දහවල් එම කාර්යංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා රේගු නිලධාරීන්ගේ සහය ඇතුව බහාලුම පරික්ෂාවට ලක් කර ඇත.
ඇඟ පිස්නා (තුවා) අඩංගු බහාලුමෙහි සූක්ෂමව අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් අත් අඩංගුවට ගෙන ඇති අතර බහාලුම මෙරටට ගෙන්වන ලද අවුරුදු 44ක් වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 33, 36, හා 51 වයස්වල පසුවන පකිස්ථාන ජාතිකයින් වේ.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය හා සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

