ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කථා කළ අයුරින්ම බටහිට රටවල් වැඩ කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානේය ශ්‍රී ලංකාවේ නියෝජිත හැනා සිංගර් මහත්මිය හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයා මේ බව පැවැසීය.
ආහාර හා ඖෂධ යනු මිනිසුන්ගේ මූලික අවශ්‍යතා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චීනයේ දායකත්වය මෙන්ම ශ්‍රී ලංකාවට සහාය ලබාදීම වෙනුවෙන් චීනයේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය භාරය පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.



