ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය එලඹෙන දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කරයි.
සෑම වසරකදීම ඉල් මාසයේ පෝයට පමණක් සිදු කරන ලද ඉල් මංගල්‍ය මෙවර කල් දැමීම පිළිබඳ අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක සඳහන් කළේ කතරගම දෙවියන් ගේ සියලු පෙරහර මංගල්‍යයන් නැකැත් ශාස්ත්‍ර අනුව සිදු කරන බවයි.එහෙයින් මෙවර ඒ සඳහා නැකැත් යෙදී ඇත්තේ දෙසැම්බර් 04 වැනි පෝය දිනට බැවින් එදින මෙම පෙරහර පවත්වන බවන්ඔහු පවසයි.
සොමිපාල ටී. රත්නායක මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම ඉල් පෙරහැර පැවැත්වීමේ අරමුණ රටේ ගොවි තැනට නිසි වැසි ජලය ලැබී භවබෝග අස්වැන්න සරු කර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා බවයි.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ

