කතරගම ගමන අතරමග නවතී


කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් පදියතලාව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

අද (19දා) අලුයම් කාලයේදි මෙම අනතුරු සිදුව තිබේ. රියදුරුට වේගය පාලනය කර ගැනිමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 47ක් ගමන් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පදියතලාව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. 



Recommended Articles