කත­ර­ගම ඇසළ මංගල්‍යයේ පළමු පෙර­හර අද


ඓති­හා­සික රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ ඇසළ මංග­ල්‍යයේ ප්‍රථම පෙර­හර අද (15) රාත්‍රියේ වීථි සංචා­රය කෙරේ.අද රාත්‍රියේ සුබ මොහො­තින් ‘වාසනා’ මංගල හස්තියා පිට සර්වඥ ධාතූන් වහන්සේ හෝ දේව ප්‍රති­මාව වැඩ­ම­වා­ගෙන මහා වීථිය ඔස්සේ වල්ලි අම්මා දේවා­ලය වෙත පැමිණ, චාරිත්‍ර ඉටු­කර නැවත මහ වීථිය ඔස්සේ මහා දේවා­ලය වෙත ගෙවැ­දී­මෙන් පෙර­හර අව­සන් වන බව රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ තිළිණ මධු­ශංක මහතා පැව­සීය.

කත­ර­ගම ඇසළ මංග­ල්‍යය පුරා දින 15ක් පැවැ­ත්වෙන අතර, අව­සන් මහා පෙර­හර ජූලි 29 වැනිදා පවත්වා 30 වැනිදා උදෑ­සන මැණික් ගඟේ දිය කැපීමේ උත්ස­ව­යෙන් නිමා­වට පත්වේ.

එමෙන්ම දෙවි­යන්ගේ වෙලෙන් අස්ව­ද්දන ලද වී සහ සහල් රැගත් ගව තව­ලම ඊයේ (14) දින කත­ර­ගම මහා දේවාල පරි­ශ්‍රය වෙත පැමි­ණි­යේය. දුටු­ගැ­මුණු මහ රජ­තු­මාගේ රාජ්‍ය අණ හා සම්ප්‍ර­දා­යන් සුර­කි­මින් මෙම චාරි­ත්‍රය සෑම වස­ර­ක­දීම නොපි­රි­හෙළා ඉටු කරනු ලබයි.

දුටු­ගැ­මුණු රජ­තුමා විසින් කත­ර­ගම දෙවි­යන් උදෙසා නින්ද­ග­මක් ලෙස බුත්තල, පැල්වත්ත, ගම්පහ ප්‍රදේ­ශයේ පිහිටි ‘දෙවි­යන්ගේ වෙල’ නම් කුඹු­රු­යාය පවරා දී ඇත. පැරණි ක්‍රම­යට අනුව ගව­යන් යොදා සී සා, අස්වනු නෙළා, ඉතා පිරි­සි­දුව සකස් කර­ගන්නා ලද වී සහ සහල් මෙලෙස ගව­යන් පිට පටවා කත­ර­ග­මට රැගෙන එනු ලැබේ. මෙම තව­ලම බුත්තල, ගෝන­ගං­ආර සහ යාල අංක 02 කලා­ප­යට අයත් කත­ර­ගම මාර්ග ඔස්සේ ගමන් කර­මින් දේවා­ලය වෙත ළඟා වේ.

මෙසේ රැගෙන එන වීව­ලින් කොට­සක් කත­ර­ගම දෙවි­යන්ගේ දානය (මුරු­තැන් පූජාව) වෙනු­වෙන් වෙන් කෙරේ. ඉතිරි වී කොටස දේවා­ලයේ රාජ­කා­රි­ක­රු­වන් වෙත ‘සේරු­වෙන් මැන’ බෙදා දීමට දේවා­ලයේ මහා බෙත්මේ ලේකම් සහ කුඩා බෙත්මේ ලේක­ම්ව­රයා කට­යුතු කරති.

අතී­තයේ මංමා­වත් හෝ ප්‍රවා­හන පහ­සු­කම් නොතිබූ යුග­යේදී ද දෙවි­යන්ගේ වෙලේ වී කත­ර­ගම දේවා­ලය වෙත රැගෙන ආවේ මේ අයු­රිනි. වර්ත­මා­න­යේදී ද කත­ර­ගම දේවා­ලයේ පැරණි පුද පූජා චාරිත්‍ර කිසිදු වෙනස් කිරී­ම­කින් තොරව, එදා රජ අණ පරි­දිම එලෙ­සින්ම ඉටු කිරීම සුවි­ශේෂී වේ.



Recommended Articles