කණ්ඩලමේ හැඩකාරයා සමුගනියි


ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැවේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' ලෙසින් ප්‍රසිද්ධව සිටි වන අලියා ඊයේ (13) පස්වරුවේ මියගොස් තිබේ.

වයස අවුරුදු 25 -30 අතර පසු වූ කණ්ඩලයේ හැඩ කාරයා අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණි.

මීට පෙරද මෙම අලියා වෙඩිප්‍රහාරයකට ගොදුරු ව සිටියදී වනජීවිය සිදු කළ ප්‍රතිකාර වලින් පසුව සුවය ලබා වනයට මුදාහැර සිටියදී යළිත් වෙඩි ප්‍රහාරයකට ලක්විය.

 



Recommended Articles