කඩුගන්නාව ගනේතැන්න මාර්ගය අදත් වසයි


පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන් වසා දැමු මහනුවර කොළඹ මාර්ගයේ ගණේතැන්න හා කඩුගන්නාව මාර්ගය අද දිනයේත් වසා දමා ඇත.

ගිලා බැස ගිය ස්ථානය කැගල්ල මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් බැකෝ යන්ත්‍ර උපයෝගි කරගෙන නඩත්තු කටයුතු කරන ආකාරය අද දිනයේ දකින්නට හැකිවිය.

එම ස්ථානයේ මාර්ගය පැලි ඇති තැන් වලින් ජලය කාන්දු විම නවතා දැමිම සදහා රසායනික ද්‍රව්‍යයක් යොදා ඉන් මතුපිට වැලි අතරන ආකාරය දකින්නට හැකි විය.

 



Recommended Articles