කඩුගන්නාව - ගනේතැන්න අතර එක් මංතීරුවකට සීමාවෙයි


කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මං තීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘතකර තැබීමට තීරණය කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බව ඒ මහතා පවසයි.

රාත්‍රී කාලයේදී වර්ෂාව පැවතිය හොත් මාර්ගය වසා තැබීමට තීරණය කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් දැනුම්දී ඇත. ( IJ)



Recommended Articles