කඩු සහ පිහියා 15ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට


අඹගස්දෝව ලද්දුම මූදනාව ගම්මානයේ කැලෑ රොදක සඟවා තිබූ කඩුවක් සහ පිහියා 15ක්  ඊයේ ( 5 ) වනදා සවස  සොයාගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි .

ලැබුණ තොරතුරක් මත කල සෝදිසියකදි මෙම ආයුධ හමුවී ඇති අතර  අබ්දුල් වහාම නැමති මුස්ලිම් ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු ආරක්ෂක අංශවල සිදු කරන වැටලීම්වලට බියෙන් තම නිවසේ තිබූ මෙම අවි මල්ලක බහා ‍මෙම ස්ථානයේ සඟවා ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත .

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පො.ප . ආර්.එස්.රාජසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අඹගස්දෝව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .

බදුල්ලේ - පාලිත ආරියවංශ

                                                                                                   



Recommended Articles