කඩු 5ක් හා තහනම් පිහි 14ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


කඩු 5ක් හා තහනම් පිහි  14ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

නවගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලස තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු 2015 වසරේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිවෝල්වරයක් සමග අත්අඩංගුවට පත්වූ අයෙකි.

ඔහු බන්ධනාගාර ගතව සිට මේ වන විට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙක් බව පොලීසිය කියයි.



Recommended Articles