කටුනායත කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයින් 19 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන සේවකයින් 1,433 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී සිටිති .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද  දින තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හදුනා ගෙන තිබේ .

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,486 දෙනෙකු වාර්තා වී තිබේ .

මෙම ආසාදිතයන් සියලුම  දෙනා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නියමිතය .

 

 



Recommended Articles