කටුනායකින් තවත් ආසාදිතයින් 41


ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1583 ක් බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

එමෙන්ම 10/18 දින තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා පී.සී.ආර්.පරීක්ෂණ 1440 ක් සිදු කර ඇති අතර , ඒ අනුව මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 23,668 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

 එසේම 10/18 දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වලින් කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැති අතර , ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ මේ දක්වා කොරෝනා ආසාදිත සේවකයින් 213 දෙනෙකු සහ එයින් පිටත පිහිටි කර්මාන්තශාලා වලින් මේ දක්වා කොරෝනා ආසාදිත සේවකයින් 20 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් සදහන් කළේය .

 මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක  කොට්ඨාසය තුළින් 10/18 දින කොරෝනා ආසාදිත රෝගීන් 28 දෙනෙකු හදුනා ගෙන ඇති අතර , ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ ලග්ගල , පල්ලේගම රෝහල වෙත යොමු කළ බව ද එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles