කටුනායකින් ගුවන් යානා 40ක මෙහෙයුම්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (27දා) දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,996 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව ගුවන් යානා 21 කින් ගුවන් මගීන් 1,254 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම කාළසීමාව තුළ පැමිණ තිබුණි.

එසේ පැමිණි ගුවන් මගීන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි.

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 742 දෙනෙකු ගුවන් යානා 19 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.

එසේම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා රුසියාව , ඕස්ට්‍රේලියාව , කැනඩාව , එංගලන්තය ආදී රටවලින් විදේශීය සංචාරකයන් 122 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles