කටුනායකින් කොරෝනා ආසාදිතයන් 93ක්


කටුනායක ප්‍රදේශය තුළින් 05/31 දින කොරෝනා ආසාදිතයන් 93 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 05/31 දින කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,327 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 32 දෙනෙකු ද 05/31 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,235 දෙනෙකු මේ වනවිට කොරෝනා වසංගත රෝගී තත්වයට ගොදුරු වී සිටිති .

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ 05/31 දින කොරෝනා ආසාදිතයන් 537 දෙනෙකු වාර්තා වී සිටින අතර , දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 80 දෙනෙකු ද වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles