කටුනායකින් කොරෝනා ආසාදිතයන් 75ක්


කටුනායක ප්‍රදේශය තුළ 06/03 දින කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයින් 50 දෙනෙකු 06/03 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,331 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 06/03 දින කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,402 දෙනෙකු වාර්තා වී සිටිති .

එසේම 06/03 දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ චීනයේ නිෂ්පාදිත  සයිනොෆාම් එන්නත් මාත්‍රා 1,080 ක් ප්‍රදේශවාසීන් වෙත ලබා දී තිබේ .

එමෙන්ම 06/03 දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිතයන් 723 දෙනෙකු වාර්තා වී ඇති අතර , ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 120 දෙනෙකු ද , මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 83 දෙනෙකු ද , මිනුවන්ගොඩ කොට්ඨාසය තුළින් 69 දෙනෙකු ද , මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු ද වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles