කටුනායකින් කොරෝනා ආසාදිතයන් 67ක්


කටුනායක ප්‍රදේශයේ 06/17 දින කොරෝනා ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 06/17 දින කොරෝනා ආසාදිතයන් 46 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,880 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම 06/17 දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මේ දක්වා  කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 70 ක සේවය කරන සේවකයින් 2,532 දෙනෙකු මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති.



Recommended Articles