කටුනායකින් කොරෝනා ආසාදිතයන් 62ක්


කටුනායක ප්‍රදේශයේ 06/06 දින කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අතරින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 42 දෙනෙකු 06/06 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා  කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,417 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි 20 දෙනෙකු ද 06/06 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,521 දෙනෙකු වාර්තා වී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles