කටුනායකින් කොරෝනා ආසාදිතයන් 42ක්


කටුනායක ප්‍රදේශයේ 06/23 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් කොරෝනා ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 69 ක සේවය කරන 2,627 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 06/23 දින කොරෝනා වෛරස ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 3,014 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මේ දක්වා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 13,000 කට පමණ මේ වනවිට එන්නත් කර ඇතැයි මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles