කටුනායකින් කොරෝනා ආසාදිතයන් 41ක්


කටුනායක ප්‍රදේශයේ 06/16 දින කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක සේවය කරන සේවකයින් 25 දෙනෙකු 06/16 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 70 ක සේවය කරන සේවකයින් 2,511 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 06/16 දින කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,834 දෙනෙකු වාර්තා වී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles