කටුනායකින් ආසාදිතයන් 19ක්


කටුනායක ප්‍රදේශය තුළ  අද (14 දා) කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ යළිත් කොරෝනා වෛරස ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන අතර , 02/14 දින මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02 කින්  ආසාදිතයන් 10 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන සේවකයින් 809 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 02/14 දින තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති අතර , එනිසා මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 812 දෙනෙකු වාර්තා වී තිබේ.



Recommended Articles